2028 ලොස්ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්වෙන ලකූනු...

New Day
0


2028 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩා ඉසව්වක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම ඔලිම්පික් තරඟාවලියේ සංවිධායකයන් විසින් තීරණය කර ඇති බව එංගලන්තයේ පළවන ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ.

ක්‍රිකට්වලට අමතරව ෆ්ලෑග් ෆුට්බෝල්, බේස් බෝල්, සොෆ්ට් බෝල්, ලැක්‍රෝස් හා ස්කොෂ් යන තරග ද ක්‍රීඩා ඉසව් වශයෙන් 2028 වසරේ පැවැත්වෙන ලොස්ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට අලුතින් එක් කෙරෙන බව ‘ගාඩියන්’ පුවත්පත සඳහන් කරයි.

ඉදිරියේදී  ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සැසිවාරයෙන් අනතුරුව මේ බව නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.

1900 වසරේ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාව තරග ඉසව්වක් ලෙස මෙයට පෙර එක් වතාවක් ඇතුළත් කර ඇත.

එහිදී එක් ක්‍රිකට් තරඟයක් පමණක් ‘වෙලෝඩ්‍රෝම් ඩේ වින්සෙන්ස්’ හිදී පවත්වා ඇති අතර එය එංගලන්තය හා ප්‍රංශය අතර පැවැති තරගයකි.එහිදී එංගලන්තය නියෝජනය කළ කණ්ඩායම ප්‍රංශය පරදවමින් ලකුණු 185ක ජයක් වාර්තා කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ඉසව්වක් වශයෙන් නම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සතුටට පත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.  

Divaina

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top