පොහොර සඳහා පාලන මිලක්

New Day
0


ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම හේතුවෙන් පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

දිගින් දිගටම ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම තීරණයට එළඹී ඇත.

ඒ අනුව පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ශනයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරනු ලබයි.

කෙසේවෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top