ෂාරුක්ට මරණ තර්ජන

New Day
0


සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව වැඩිකිරීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇතැයින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමාගේ “පතාන්” සහ “ජවාන්” යන චිත්‍රපට තිරගත වීමෙන් පසු මෙලෙස මරණ තර්ජන ඇමතුම් ලැබුණු බවට ෂාරුක් මහරාශ්ට්‍ර බලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මුම්බායි පොලිසිය විසින් ෂාරුක් ඛාන්ට Y+ ආරක්ෂක ආවරණයක් ලබා දී ඇත.Y+ ආරක්ෂක ආවරණයට අනුව, කමාන්ඩෝ භටයින් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ රථවාහන නිෂ්කාශන රථයක් ඇතුළුව ආරක්ෂකයින් 11 දෙනෙකු ඔහුට හිමිවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර මෙම ජනප්‍රිය නළුවා සමඟ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සිටියහ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top