විෂ දුමාරයක් ආඝ්‍රාණ වීමෙන් 10ක් රෝහලේ

New Day
0


ඊයේ (19) සවස් කාලයේ තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි සහ විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක සේවකයින් පිරිසක් විෂ දුමාරයක් ආඝ්‍රාණයවීමෙන් ප්‍රතිකාර සඳහා තලවකැලේ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අවුරුදු 20ත් 22ත් අතරේ පසුවන කාන්තාවන් 09ක් සහ එක් පිරිමි පුද්ගලයෙක් වන අතර ඔවුන් තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අදාළ ප්‍රදේශයේ විදුලිය විසන්ධිවී ඇති අවස්ථාවක වෙළෙඳසැලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුව එම විදුලි ජනක යන්ත්‍රයෙන් නිකුත් වූ දුමාරයක් ආයතනයේ සේවකයින්ට විෂ වී ඇති බව පොලීස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

විෂ දුමාරය ආඝ්‍රාණයවීමෙන් රෝගීවූ පිරිස ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top