කසුන් හා තුසිත නිසා DSI සමූහයේ අධ්‍යක්ෂ කචල් දිග්ගැස්සෙයි; අධිකරණයටත් යයි

New Day
0


DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය අතර මේවන විට දැඩි මත ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ.


මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ ‌සමාගමේ කොටස්  පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කකරගැනීමට ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සමඟ මේ ගැටුම් ආරම්භවී ඇති බව පැවසේ.

හිටපු කළමනාකාර අධ්‍්‍යක්ෂවරයා එම යෝජනාව DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය (2023) අප්‍රේල් මුල් සතියේදීය.

මේ සමාගමේ ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින් බවද පැවසේ.

එම සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ හා සෙසු අධ්‍යක්ෂවරුන් වන තුසිත රාජපක්ෂ, අසංක රාජපක්ෂ, රොහාන් සෝමවංශ, භාතිය අමරකෝන් හා නෙලානි රාජපක්ෂ ‌මේ ගැටුමට මුල්ව ඇති බවට මේවන විට චෝදනා එල්ලව තිබේ.

එසේම එම සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වා මහත්මියගේ ක්‍රියා කලාපයද මේ ගැටුම තව තවත් වර්ධනය කර ඇති බවද වාර්තා වේ.

සමාගම් ලේකම්වරිය ස්වාධීනව කටයුතු කළ යුතු වුවද වරුණි මහත්මිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ද මේවන විට චෝදනා එල්ලව ඇතැයි පැවසේ.

මේ අතර, මෙහි අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ අතරතුර කාලයේදී ඔහුව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට ද අදාළ අධ්‍යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බව අධිකරණයට වාර්තා කර තිබේ.

එම අධ්‍යක්ෂ මණ්ඩලය සජිත්ව DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර ඇති බව මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, මේ ගැටුම් සම්බන්ධයෙන් මේවන විට එහි කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ හා තුසිත රාජපක්ෂ අය හා අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණ කිහිපයක නඩු පවරා ඇති බවද වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top