කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

New Day
0


චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ  කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 19 කින් ඉන්දියාව ජය ගැනීමත් සමග රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත් අතර ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 46 ක් හා Jemimah Rodrigues ලකුණු 42 ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 97ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි කඩුලු 2 ක් බැඟින් බිඳ හෙළිමට සමත් වූහ.

ලකුණු පුවරුව පහතින්.








Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top