නීති සතිය අදින් ඇරඹේ..

New Day
0


ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සැපිරීම වෙනුවෙන් ජාතික නීති සතිය ප්‍රකාශයට පත්කර ඇති අතර අද (25) සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා නීති සතිය ක්‍රියාත්මක වන බව  ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

පළාත් නමයේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ප්‍රාදේශීය නීතිඥ සංගම්වල මෙහෙයවීම යටතේ නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීම එහි අරමුණ වේ.

ඒ අනුව සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කරනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීම සිදුකිරීමට නියමිතය.

මෙහිදි සිවිල් හා අපරාධ නීතිය සම්බන්ධයෙන් පමණක් නොව දීර්ඝ කාලීනව බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමත්, රාජ්‍ය නිලධාරීන්ට හා පාසල් සිසුන්ට නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Ada Derana

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top