ඉන්දියාව අප්සට් කළ චීන සිතියම

New Day
0



චීනයේ ස්වභාව සම්පත් පිළිබඳ අමාත්‍යාශය නිකුත් කර ඇති නව සිතියමක් නිසා දැන් ඉන්දියාව සහ චීනය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇවිළී ඇත. නැගෙනහිර හිමාලයේ අරුණාචල් ප්‍රදේශය දකුණු ටිබෙටයේ කොටසක් බවට චීනය ප්‍රකාශ කර ඇත.

ප්‍රාන්තයේ ස්ථාන 11ක් ''Zangnan'' හෝ චීන භාෂාවෙන් දකුණු ටිබෙටය ලෙස නම් කරමින් අප්‍රේල් මාසයේදී සිතියමක් නිකුත් කර ඇත. අක්සායි චින් යනු ඉන්දියාව විසින් හිමිකම් කියන නමුත් චීනය විසින් පාලනය කරනු ලබන බටහිර හිමාලයේ මතභේදයට තුඩු දී ඇති සානුවකි.

නිකුත් කරන ලද සිතියමේ දැක්වෙන්නේ චීනය දකුණු ටිබෙටය ලෙස ප්‍රකාශ කරන අරුනාචල් ප්‍රදේශ් සහ 1962 යුද්ධයේදී එහි භූමියේ කොටසක් ලෙස අත්පත් කරගත් අක්සායි චින් ප්‍රදේශයයි. එසේම තායිවානය සහ මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදද නව සිතියමේ චීන භූමිය තුළට ඇතුළත් කර ඇත.

වියට්නාමය, පිලිපීනය, මැලේසියාව සහ බෘනේ විසින්ද හිමිකම් කියන දකුණු චීන මුහුදේ විශාල කොටසකට හිමිකම් කියමින් චීනය මෙම සිතියමෙහි ඇතුළත් කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top