රයිනි හා ෆ්ලෑෂ් බෑක්ලා හොඳින්; සංචාරෙත් සාර්ථකයි

New Day
0


ඊශ්‍රායලයේ, ජෙරුසලමේ සංගීත ප්‍රසංගයක වේදිකාවේ සවිකර තිබූ විශාල ආලෝක ධාරා පුවරුව හදිසියේ කඩාවැටීමෙන් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා සහ ෆ්ලෑෂ් බැක් කණ්ඩායම අනතුරකට මුහුණදී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ රයිනි ‘නීල කඳුගැටේ ගේන නිදහසේ..’ ගීතය ගායනා කරමින් සිටි අතර ආලෝක ධාරා පුවරුව කඩාවැටී තිබුනේ කී බෝඩ් වාදන ශිල්පියකු හා ගිටාර් වාදන ශිල්පියකු මතටය.

සිද්ධියෙන් පසුව  ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු “අපිට කිසිම කරදරයක් වුණේ නැහැ. අපි ගැන සුවදුක් විමසා බැලූ, අපිට සුවය පැතූ සැමට ස්තූතියි, අපි සුවෙන්.” පවසා තිබිණි.

මේ අතර, රොෂාන් ලංකාවට පැමිණෙන  අතර ෆේස්බුක් ඔස්සේ සජීවිව සම්බන්ධ වෙමින් පවසා ඇත්තේ අනතුරක් වුවත් ඊශ්‍රායල් සංචාරය සාර්ථක බවයි.

රයිනි චාරුකා ට අනතුරක් නැතැයි ඇයගේ පියා වන රූකාන්ත ගුණතිලක මහතා මාධ්‍යට පවසා ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top