සචිත්‍රට ඇප

New Day
0


තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (25) නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අල්විස් මහතා නියම කළ‌ේය.

ඊට අමතරව සැකකාර සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.




Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top