ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ බිග් ලෝටස්හි ඇරඹේ..

New Day
0


19
වැනි ආසියානු ක්‍රීඩා උලෙළ සමාරම්භක උත්සවය ඊයේ (23) ‘බිග් ලෝටස්’ ලෙසින් ද හඳුන්වන චීනයේ හංජොහි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා සහභාගි විය.

මෙහි සමාප්ති උත්සවය ද ප්‍රේක්ෂකයන් 80,000කට අසුන්ගත හැකි එම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතව තිබීම ද විශ‌ේෂිතය.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,500කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත ව තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පසු පැවැත්වෙන මෙම දැවැන්තම ක්‍රීඩා උලෙළ ඊයේ දින සිට දින 16ක් පුරා පැවැත්වෙන අතර, තරග ස්ථාන 54ක දී එහි තරග පැවැත්වීමට නියමිත ව තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ද ක්‍රීඩා 21ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකා ජාතික ධජය රැගනෙයාම මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නටය විසින් සිදු කළාය.

චීනය ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබා දෙන තුන් වැනි අවස්ථාව මෙය වේ.  





Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top