හරක්කටා නිසා තවත් දෙදෙනෙකු දැලේ..

New Day
0


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත්
'හරක් කටා' CIDයෙන් පළායාමට පහසුකම් සැලසීමේ සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයාට මෝටර් රථය ලබාදුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු මාතර වැලිගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවෙන් පලා යාමේ සැලසුමට යොදාගත් මෝටර් රථය හා එය පදවා ගෙන පැමිණි 36 හා 38 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් එම මෝටර් රථය මාතර කැකුනදොර ප්‍රදේශයේ සිට පදවා ගෙන කොළඹට පැමිණ ඇති අතර පලා යෑමේ සැලසුම අසාර්ථක වීමත් සමග ඊට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා එම මෝටර් රථයේ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top