පොලිසියෙන් කියලා නිල් මැණිකක් උස්සලා...

New Day
0


පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කටුගස්තොට - වට්ටරන්තැන්න පටුමගේදී වටිනා නිල් මැණිකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බකමූණ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මැණිකහිමි අයිතිකරු දුරකථනයකින් ඇමතූ සැකකරු වටිනා නිල් මැණික මිලදී ගැනීමට පැමිණෙන බවට දැනුම්දී ඇති අතර  ඒ අනුව තවත් පුද්ගලයෙකු සමඟ සැකකරු මෝටර් රථයකින් පැමිණ ඇති බව පොලීසිය සදහන් කරයි.

අනතුරුව පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙකු එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණ ඇති අතර, ඔහු පැමිණිලිකරු බිය ගන්වා ලක්ෂ 12 ක් පමණ වටිනා මැණික් ගල පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

ඉතිරි සැකකරුවන් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Hiru News

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top