පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශයට ජය

New Day
0


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඊයේ (29) බංග්ලාදේශය සමත් විය.

ගුවහටිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා රැස් කළේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර පැතුම් නිස්සංක ලකුණු 68 ක්, ධනංජය ද සිල්වා ලකුණු 55 ක් ලබා ගැනීමට සමත් විය.

කුසල් ජනිත්ට ලකුණු 34ක් ලබා සිටියදී උරහිසේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 64කින් ලකුණු 68ක් රැස් කළේ ය.මෙහිදී හසන් ලකුණු 36ට කඩුලු 3ක් බිඳහෙළීය.

බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ටන්සිඩ් හසන් සහ ලිටන් ඩාස් ලකුණු 131ක සබඳතාවක් ගොඩනැගුවේ ය

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටැන්සිඩ් හසන් ලකුණු 84 ක්, හසන් මිරාස් ලකුණු 67 ක් හා ලිටන් දාස් ලකුණු 61 ක් රැස් කළේය .

ඒ අනුව නියමිත පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර බංග්ලාදේශ කණ්ඩායම යාමට සමත් විය.

ලකුනු පුවරුව පහතින්

















Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top