චීන සමූහාණ්ඩුවේ 74 වැනි සංවත්සරයට හිටපු ජනපතිවරු 4යි; ජූලි ද අමුත්තන් අතර

New Day
0

ශ්‍රී ලංකාවේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන අන්දමේ සංවර්ධන මාවතක් කරා යාමට මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය සුරක්ෂිත කරමින් “දිළිඳුබවේ උගුලෙන්” සහ “සංවර්ධනය නොවීමේ උගුලෙන්” මිදීමට චීනය අඛණ්ඩව සහය දෙන බව මෙරට සිටින චීන තානාපති - චී ජන්හොං මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (28) දින කොළඹ පැවැති උත්සවයට එක්වෙමිනි.

චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුනු එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට මේ වසරේ දී දස වසරක් සැපිරෙන බවද චීන තානාපතිවරයා අවධාරණය කළ‌ේය.

එම දසවසර තුළදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 150ක් හා ජාත්‍යන්තර සංවිධාන 32ක් හා එක්ව ව්‍යාපෘති 3,100ක් පමණ ඔස්සේ ලොවට ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් වූ බවද චී මහතා වැඩිදුරටත් පැවසීය.

චීනයේ සංවර්ධනය නම් සීඝ්‍රගාමී දුම්රියට එක්වන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් වලට ආරාධනා කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

චන්ද්‍රිකා, මහින්ද, මෙමත්‍රී හා ගෝඨා

කොවිඩ් වසංගතයෙන් පසුව පළමුවරට කොළඹදී සමරනු ලැබූ මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා යන සිවුදෙනාම සහභාගිවීම විශ‌ේෂිතය.

විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක්ද මෙම උත්සවයට එක්වූ අතර, මෙරට සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මියද මීට එක්ව සිටීම සුවිශේෂී විය.

ඊට අමතරව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද, ප්‍රධාන අමුත්තා ලෙස වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය - නිමල් සිරිපාල මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන් රැසක් ද, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, විවිධ රාජ්‍ය ආයතන වල හා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ද මෙම උත්සවයට සහභාගී විය.














Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top