ඇෆ්ගන් පැරදූ ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයට

New Day
0

 


ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (05)  පැවැති තරගයෙන් ලකුණු 02ක තියුණු ජයක් වාර්තා කරමිනි.

මෙය ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12වැනි එක්දින තරගය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන මේ වනවිට අපරාජිතව ආසියානු කුසලානයේ රැඳී සිටී. 

පකිස්ථානයේ ලාහෝර්හිදී පැවති තරගයේ
කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක යි.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩනගමිනි.

දිමුත් කරුණාරත්න ලකුණු 32යි.

පැතුම් නිස්සංක 4 පහර 6ක් සමග පන්දු 40කින් ලකුණු 41 රැස් කිරීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් සමග එක් වූ  චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ලකුණු 102  සම්බන්ධතාවයක් ගොඩනැගු වේය.

අසලංක ලකුණු 36ක් රැස් කළේ 4 පහර 2ක් සහ 6 පහරක්ද සමගිනි.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පිතිකරුවා බවට පත්වෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් රැස් කළේ ය.

ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය.

මහීෂ් තීක්ෂණ සමග එක්වූ දුනිත් වෙල්ලාලගේ 8වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවයක් ගොඩගනමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී  ලකුණු  291 රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 50කදී දවා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු බලගනය සමත් විය.

නායක හෂ්මතුල්ලා ෂහිඩි සහ රහ්මත් ශා ඇෆ්ගනිස්ථාන සිව්වැනි කඩුල්ලට එක්කළ සම්බන්ධතාවය ලකුණු 71ක්.

රහ්මත් ෂා ලකුණු 45ක් රැස් කළේය.

මොහොමඩ් නබී පන්දු 24කින් ලකුණු 50 සීමාව පසු කළ අතර, ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙක් රැස් කළ වේගවත්ම එක් දින අර්ධ ශතකය එයයි. 

නබී සහ හෂ්මතුල්ලා ශහීඩි පන්දු 47කින් පස්වැනි කඩුල්ලට වේගවත් ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

ලකුණු 65ක් ලබා සිටි මොහොමඩ් නබී පිටියෙන් ඉවත් කිරීමට මහීෂ් තීක්ෂණ සමත් විය.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37.1 කදී මෙම තරගය ජය ගත්තේ නම් ඔවුට සුපිරි සිව්දෙදෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව තිබුණි. 

කෙසේවුවද, ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37.4 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු  289ක් පමණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top