ජාත්‍යන්තර බිහිරි දිනය අද

New Day
0

ජාත්‍යන්තර බිහිරි දිනය අද (24)ට යෙදී තිබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ අවසාන ඉරිදා දිනය ජාත්‍යන්තර බිහිරි දිනය ලෙස නම් කර ඇත.

2012 වසරේ සිදු කළ සංගණනයට අනුව මෙරට තුළ දීප ව්‍යාප්තව සිටින ළමා සහ වැඩිහිටි සියලු බිහිරි වූවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ 84,000 ක් බව සඳහන් වේ.

වර්තමානයේ බිහිරි ළමයින් අධ්‍යාපනය ලබන පාසල් 20 ක් පමණ ඇති නමුත් සංඥා භාෂා හැකියාව ඇති ගුරුවරුන් මෙරට පාසල් පද්ධතිය තුළ සිටින්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් වන අතර එය මෙරට බිහිරි දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ද උල්ලංඝනය කිරීමකි.

ලංකා බිහිරි දෙගුරුන්ගේ සංගමයේ ලේකම් ඩේමියන් ප්‍රනාන්දු ඉල්ලා සිටින්නේ බිහිරි ප්‍රජාවට වෙනස් කොට නොසලකා රටේ සංවර්ධනයට ඔවුන්ගේ ද ශ්‍රමය ලබා ගන්නා ලෙසයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top