අඛණ්ඩව තෙවන වරටත් ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ලබන ශ්‍රී ලාංකික කත

New Day
0


ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් නම් දරනු ලැබුවා.

ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර මෙම වසරේ ඇය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් පැකේජයකට හිමිකම් කීය.

පෙර වසරට සාපේක්ෂව ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ මෙම වසරේ වැටුප් පැකේජය සියයට 30 කින් වර්ධනය වී ඇත.

මැකෝරි සමූහ ව්‍යාපරය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකරගත් දැවැන්ත මූල්‍ය සමාගම් සමූහයක් වන අතර 2018 වසරේ ෂෙමාරා වික්‍රමනායක මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්ව තිබේ.

එමෙන්ම මෙම තනතුරුට පත් වූ ප්‍රථම කාන්තාව  ෂෙමාරා වික්‍රමනායක මහත්මිය වීමද විශේශත්වයකි.

ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනාගේ ලැයිස්තුවේ සිටින කාන්තාවන් දෙදෙනා අතරින් එක් අයෙක් ලෙස ශෙමාරා වික්‍රමනායකද සිටින බවයි වැඩිදුරටත් සඳහන් වේ.

ඇය 1962 වසරේ ඇය එංගලන්තයේ උපත ලැබුවාය. 


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top