දික්කසාද නීතියේ වෙනසක්...

New Day
0


විදේශයක දී දික්කසාද වූ ශ්‍රී ලාංකික යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය  අවලංගු කරමින් ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ බව වාර්තා වේ.

ඒ අනුව විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබා ගත් යුවලක් නැවතත් මෙරට දිස්ත්‍රික් අධිකරණයකදී දික්කසාදය ලබා ගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වෙන බවට සඳහන් වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top