තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය තොගය...

New Day
0


තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද පාර්සල් 25 ක් පරීක්ෂා කිරීමකදී වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිවුණි.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ කටයුතුවලදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බව පැවසේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය තුළ Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29 ක් අඩංගුව ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව වාර්තා ‍වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top