පාවහන් වවුචර් පත් ලබාදීම අදින් ඇරඹේ

New Day
0


පාසල් ළමුන් 750,000 කට පාවහන් ලබාගැනීම සඳහා අවශ්‍ය වචුචර් පත් ලබාදීම අද (04) දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඒ අනුව දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකලා පාසල් ඉලක්ක කරගෙන මෙම වචුචර් පත් ලබාදීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එම වැඩසටහන ආරම්භ කරමින් අද දිනයේ උතුරු කොළඹ පාසල් 02 කදී එම වවුචර් පත් බෙදාදීම සිදුකරන අතර ඒ හරහා රුපියල් 3000 ක වටිනාකමින් යුත් පාවහන් යුගලක් මිලදී ගැනීමට හැකියාව පවතී.

කිසිදු පුද්ගලයෙකුට එම චවුචර් පත් මුදල් දී ලබාගැනීමට නොහැකි බව හා ලියාපදිංචි ඕනෑම වෙළඳසැලකින් දෙසැම්බර් 09 වනදා දක්වා එම වවුචර් පත් සඳහා පාවහන් මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top