ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා දැයෙන් සමුගනී.

New Day
0


වේදිකාවෙන් ටෙලි නාට්‍යයටත්, ටෙලි නාට්‍යයෙන් සිනමාවටත් පිවිසි අග්‍රගණ්‍ය කලාකරුවෙක් වන ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසු විය.

වේදිකාවෙන් සිය රංගනය ආරම්භ කළ සුමින්ද සිරිසේනයන් මනමේ, සිංහබාහු, මහාසාර ආදී වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය සපයා ඇති අතර දුහුල් මලක්, සප්ත කන්‍යා, සමනල තටු ඔහුගේ රංගනයෙන් වර්ණවත් වූ සිනමා පට අතරින් කිහිපයකි.

සිය රංගන ප්‍රතිභාව නිසාම හොදම නළුවා සහ හොදම සහය නළුවාට හිමි සම්මානය අවස්ථා රැසකදී තමන් සතු කර ගැනීමට ඔහු සමත්විය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top