මිජවුම් ලංකාවෙන් ඉවතට යයි.

New Day
0


නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුව, ඊයේ(03) උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 365ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ වන විට එම සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

, අනුව "මිජවුම්” තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට(05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මේ සමඟම බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top