ඊයේ විදුලිය බිඳ වැටීම නිසා සිදුවුණ දැවැන්ත පාඩුව

New Day
0


ඊයේ (09) පස්වරුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීමට හේතුව  කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට වැදුණු අකුණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික දත්ත පරිශීලනයේදී ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සදහන් කරයි.

ඊයේ දින සිදු වූ විදුලිය බිඳ වැටීම  ගැන සඳහන් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කර තිබේ.

රටපුරා පැය 05ක පමණ අධික කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බව එහි සඳහන්ය.

එමෙන්ම, මෙලෙස විදුලිය බිඳ වැටීම වළක්වා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් කළ නිර්දේශ පැහැරහැරීම එයට හේතුව බව ඒ මහතා සඳහන් කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top