ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.

New Day
0


90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 60 වන වියෙහි පසුවිය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.

අතුල ශ්‍රී ගමගේ මහතාගේ දේහය අංක 196/1 පට්ටිය වත්ත පාර ,කොතලාවල, කඩුවෙල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

සුසුම වී මගේ ,හැඟුමන් පාවී හැඟුමන් යාවී ,නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් ,සිත මා හඬ හඬා, ඉකි බිඳ හඬා මා, සුරදූතියෝ, රතු පලසේ,හිම මාවතේ, මුතු කඳුලින් ,අවන්හලේ මා ලගින්, අතුල ශ්‍රී ගමගේ මහතා ගැයූ ජනප්‍රිය ගී අතුරින් කිහිපයකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top