ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්රීවරුන්ට මෙන්ම ඊට විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතිය පළ කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.