අලින්ට මරු උගුලක් වූ සෝමාවති රක්ෂිතය

New Day
0


කන්තලේ සූරියපුර පොලිස් බල ප්‍රදේශයට අයත් සෝමාවති රක්ෂිත ප්‍රදේශය තුළ හිසට වෙඩි තබා ඝාතනය කල බවට සැක කරන අවුරුදු
40-45 පමණ වයසැති සද්ධන්ත වන අලියකුගේ සිරුරක් ඊයේ (12) උදෑසන හමුවූ බව වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සතියේ සූරියපුර හැළඹ යාය ප්‍රදේශයේ පාද දෙකට වෙඩි තබා ඝාතනය කරන ලද අවුරුදු 45ක වන අලියකුගේ සිරුරක් සහ අවුරුදු 06 පමණ වයසැති වන අලි පැටවකුගේ සිරුරක්ද හමුවී තිබෙයි.

සෝමාවතී රක්ෂිතයේ මියගිය අලියාගේ සිරුර පරික්ෂාවට යනවිට රක්ෂිත භූමියේ තිබී තවත් මියගිය වන අලින්ගේ අස්ථි කොටස් හමුවී ඇත.

ගම්වාසීන් පවසන්නේ දඩයක්කාරයි විසින් අටවන ලද බට තුවක්කු පෑගීමෙන් හා ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරන පිරිස් විසින් තම වගා බිම්වලට වදින අලින් මෙලෙස ඝාතනය කරන බවයි.

මියගිය වන අලී තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය විසින් පැවැත්විණි නියමිතව අති අතර මෙම සිදුවීම් මාලාව පිළිබඳව කන්තලේ වනජීවි අඩවි කාර්යාලයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

(දිනමිණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top