පොලිස් නිලධාරියාගේ ගෙල කැපූ චීවරධාරියා අත්අඩංගුවට

New Day
0


17 හැවිරිදි චීවරධාරියකු විසින් ඊයේ සවස දෙනියාය පොලිසියට අනියුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයකුගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ ගෙල කපා ඇත්තේ කටුවන උඩගොමඩිය පදිංචි දෙනියාය පොලිස් ස්ථානයේ විරිත්තමුල්ල ගමගේ ධනුෂ්ක (89411) නමැති කොස්තාපල්වරයාගේ බවද පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ සවස කරාපිටිය රෝහලට ගෙනු එනු ලැබූහ. රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වන බැවින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත්තේ කොස්තාපල්වරයා විවාහකයකු වන අතර සැකකාර චීවරධාරියාගේ අක්කා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඊයේ දිනයේද කොස්තාපල්වරයා චීවර ධාරියාගේ අක්කාගේ නිවසට ගොස් සිටියදී සැකකාර චීවරධාරියා දුරකථන ඇමතුමක්දී කොස්තාපල්වරයා පල්ලේගම සම්බෝධි වැඩිහිටි නිවාසය අසලට ගෙන්වාගෙන බෑගයේ සඟවා ගෙන සිටි පිහියකින් ගෙල කපා ඇති බවද අනාවරණයවී තිබේ.

සැකකාර චීවරධාරියා දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(දිවයින)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top