හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරිය මරුට

New Day
0


ඔක්තෝබර් 07 වනදා හමාස් තුවක්කුකරුවන් විසින් පැහැරගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුර හමුදා කණ්ඩායමකට හමුවී තිබේ.

65 හැවිරිදි යෙහුදිත් වීස් ගේ නම් මෙම ප්‍රාණ ඇපකාරියගේ සිරුර ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල අසල තිබූ ගොඩනැගිල්ලක තිබී හමුවිය.

දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව අයගේ මරණය පිලිබඳ පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රාණ ඇපකාරියක් වූ මෙම කාන්තාව ඝාතනය වුයේ කෙසේද, කවදාද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත. 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top