කොළඹ පාසල්වල ළමුන්ගේ ස්ථූලතා මට්ටම ඉහළට

New Day
0


කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් දරුවන්ගේ ස්ථූලතාව 8% දක්වා ඉහළ ගොස් ඇති බවට නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළි වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

ප්‍රෝටීන් බහුල ආහාර මිල දී ගැනීමේ අපහසුතාව නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පරිභෝජනයට දරුවන් යොමුව ඇති බැවින් දරුවන්ගේ ස්ථූලතාව ඉහළ යෑමට හේතු වන බව ඇය පෙන්වා දේ.

මෙලෙස ස්ථූලතාව වර්ධනය වීම දරුවන්ගේ අනාගතයට අහිතකර ලෙස බලපාන බවත්, බෝ නොවන රෝග ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමක් මෙමඟින් සිදු වන බවත් ඇය කියා සිටියි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහිත අනාගත පුරවැසියන් බිහිවීම මේ නිසා වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ඇය අනතුරු අඟවයි.

එබැවින් පිටි සහිත ආහාර හැකි තරම් අවම කර, දරුවන්ට ප්‍රෝටීන් සහිත ආහාර ලබාදීමට යොමුවීමෙන් ස්ථූලතාව වළක්වාගත හැකි බව ද වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(දිනමිණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top