ලෝක දියවැඩියා දිනය අදයි.

New Day
0


ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත.

රුධිර ප්‍රවාහයේ ඇති සියලු ම සීනි (ග්ලූකෝස්) කළමනාකරණය කිරීමට ශරීරය අපොහොසත් වූ විට ජීවිත කාලය පුරා පවතින සෑම වසරක ම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන බරපතළ රෝගී තත්ත්වයක් ලෙස දියවැඩියාව හැදින්විය හැක.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එසේ ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා මෙම දිනය 1991 දී ප්‍රකාශයට පත් කරන ලද්දකි.

සෑම වසරකදීම ලෝක දියවැඩියා සංගමය මෙම දිනය නව තේමාවක් යටතේ සමරනු ලබයි.

මෙහිදී දියවැඩියාවෙන් පෙලෙන්නන් මුහුණපාන ගැටළු ගැනද අවධානය යොමු කරනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 1980 වසරේ මිලියන 108ක්ව පැවති දියවැඩියා රෝගීන් සංඛ්‍යාව 2014 වසර වන විට මිලියන 422ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

1980 වසරේදී, ලොව පුරා වයස අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටියන්ගෙන් 5%කට අඩු ප්‍රතිශතයක් දියවැඩියා රෝගීන් වූ අතර 2014 වසරේදී එම ප්‍රතිශතය 8.5%ක් විය.

2016 වසරේදී, මරණ මිලියන 1.6කට දියවැඩියාව ඍජුව හේතු වී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top