චමරිගෙ නමින් සිඩ්නි ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක්

New Day
0


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක් නම්කර තිබේ.

Women’s Big Bash League තරගාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder Women කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එළඹෙන 26 වනදා පැවැත්වෙන Sydney Thunder Women සහ Sydney Sixers Women අතර තරගයේදී සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක් Chamari Bay ලෙස නම්කර ඇත.

Women’s Big Bash League තරගාවලියේ චමරි අතපත්තු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(දිවයින)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top