ටුවරිස්ට් ගයිඩ් වූ බෝගම්බර රැදවුම්කරු

New Day
0


මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් බෝගම්බර සිර ගෙදර රැදවුම් භාරයේ සිටි පුද්ගලයෙක් එහි සිට සිය බිරිඳ සමඟ එක්ව තමා විදෙස් සංචාරක බ්‍රෝකර්වරයෙක් බව හදුන්වා දෙමින් අම්බලන්ගොඩ තිදෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගෙන තිබේ.

විදෙස් සංචාරකයන් හට නවාතැන් ගැනීම සදහා අම්බලන්ගොඩ සංචාරක ව්‍යාපාරිකයින්ට ලබා දෙන්නම් යැයි සඳහන් කරමින් සැකකරුගේ භාර්යාව විසින් තිදෙනෙකුගෙන් කොමිස් මුදල් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ වූ සැකකරුගේ බිරිඳ ඊයේ (02) සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකාර යුවල නුවර පදිංචිකරුවන් වන බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Hiru News

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top