විදුලි බල මණ්ඩලයෙන් සහනයක්..

New Day
0


මීළග විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබීම ඊට හේතුවයි.

මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියටත් පවත්වාගෙන යෑමට හැකි වුවහොත් මෙම සහනය ලබාදිය හැකි බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ(13) දින සදහන් කර ඇත.

විදුලි බලාගාර ආශ්‍රිතව හොඳ වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන බවත් මේ වනවිට ජාතික විදුලි නිෂ්පාදනයෙන් සියයට 52ක් ජල විදුලි බලයෙන් නිපදවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මේ අතර පසු ගිය කාලයේ දිස්ත්‍රික්ක 05කට විදුලිබලය සම්බන්ධව ප්‍රශ්නයක් වී තිබූ සමනල වැව ජලාශය ද මේවන විට ජල පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙන ධාරානිපාත වාර්ෂා පතනය නිසා පිරීගොස් ඇති බවයි වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top