සම්මානයත් සමග යළි දිවයිනට පැමිණි අරවින්ද

New Day
0


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය.

පසුගිය 13 වනදා ඉන්දියාවේ මුම්බායි හිදී පැවැති උත්සවයකදී ඔහුට මෙම ගෞරව නාමය හිමිවුණි.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා පොදු සැලැස්මක් යටතේ කටයුතු කළ යුතු අතර පරාජය ක්‍රීඩාවට පොදු බවත්, සියලු ක්‍රීඩකයින් එක්ව ඉදිරි ජයග්‍රහණ සඳහා කටයුතු කළ යුතු බව දිවයිනට පැමිණි අරවින්ද ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ශතකයක් රැස් කරන ලදී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කදී ලකුණු 6361 රැස් කරගැනීමට ඔහු සමත් විය.

එක්දින තරග 308කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අරවින්ද ද සිල්වා ලකුණු 9284ක් රැස් කරගෙන තිබේ.

Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද ය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top