කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

New Day
0


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයට අනුව, අද (18) පස්වරු 1.00 සිට හෙට (18) රාත්‍රී 11.30 වන තෙක් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය වලංගු වන බවත් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ මුලතිව්, වව්නියා සම මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

දිවයින ආශ්‍රිතව සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයක් පවතින අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top