විදුලි කාර් කේස් එකට අතුරු තහනමක්

New Day
0


2022 වසරේ අගෝස්තු 31 වනදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීතිවිරෝධී යැයි පවසමින් ඒවා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දහම් පෙරේරා හෝ සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව පෙන්වාදෙනු ලැබීය.

අදාළ චක්‍රලේඛනය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීතිවිරෝධී යැයි පවසමින් ඒවා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top