අර්ජුන සභාපති කර ක්‍රිකට්වලට අතුරු කමිටුවක් පත් කෙරේ.

New Day
0


1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මඟින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.

අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන S.I. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතීඥ රකිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් ලෙස අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.

මෙම අතුරු පාලක කමිටුව අද (6) සිට බලාත්මක වන අතර පෙර පැවති පාලක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවන බව වාර්තා වේ.

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top