තුෂාර සුරවීර නැමැත්තා ප්‍රවාහන අමාත්‍යංශ්‍යට දැමීම ගැන කසුකුසුවක්

New Day
0


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිටියදී අක්‍රමිකතා සිදු කළ බවට චෝදනා එල්ලව සිටි ලේකම්වරයකු වන තුෂාර සුරවීර නැමැතා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ‌පත් කිරීම සම්බන්ධයෙන් විශාල කසුකුසුවක් ඇතිව ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) සේවය කළ කාලය තුල මහා පරිමාණ වංචාවලට සම්බන්ධ බවට වන සැකය මත ඔහුට ස්ථාන මාරුවක් ලබාදී තිබිණි.

මෙම ආයතනයේ ඔහු රිටැදුරු බලපත් ව්‍යාපෘතිය ‌මෙට්‍රෝපොලිටන් (Metropolitan) ආයතනයට ලබා දීමට සහ එය පවත්වාගෙන යාම සදහා විවිධාකාර වූ නීතිවිරෝධී කටයුතුවල යෙදුණු බවට චෝදනා එල්ලව තිබිණි.

මොහුගේ ආගමනයත් සමග මෙට්‍රෝපොලිටන් (Metropolitan) ආයතනයට නැවතත් රියදුරු බලපත්‍ර මුද්‍රණයට පාර කැපීම සහ අවුරුදු ගණනාවක් තිස්ස‌ේ අසාර්ථක ව්‍යාපෘතියක් වූ E-motering ව්‍යාපෘතියද නීතිවිරෝධී වෙනස්කම් සිදුකර දිගටම මෙට්‍රෝපොලිටන් (Metropolitan) වෙත ලබාදීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව තිබේ.

එමෙන්ම මොහු Access ආයතනයට නීතිවිරෝධී ලෙස ටෙන්ඩර් නීති උල්ලංඝනය කරමින් එය ලබා දීම සම්බන්ධයෙන්ද ච‌ෝදනා ලැබූවෙකි.

එය වසර ගණනාවක් Access ආයතනය වෙතට ලැබීමට හේතුව ඔහු බව පැවසේ.

මේ තත්ත්වයන් මත ඔහුව අධිකරණ අමාත්‍යංශය ‌ වෙත මාරුකර යැවූ අතර එහිදී ඇරඹි Moj-Court Automation ව්‍යාපෘතිය‌ේදී ද මොහුට ‌දූෂණ චෝදනා ඒල්ලව තිබිණි.

එහිදී මොහු විවිධාකාර නීති විරෝධී කටයුතු කරමින් Access ආයතනයට ලබාදීමට කටයුතු කිරීම එසේ එල්ලවූ ප්‍රධාන චෝදනාවකි.

 

 

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top