පොලිය අඩු නොකරන බැංකු ‌

New Day
0


ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිලිබඳ සලකා බලා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික 13.5 දක්වා අඩු කරමින් චක්‍රල්ඛයක් නිකුත් කල ද රජයේ බැංකු වන ලංකා බැංකුව, මහ ජන බැංකුව අතුළු පෞද්ගලික බැංකු වන සෙලාන්, පෑන් ඒෂියා, DFCC, NDB, නේෂන්ස් ට්‍රස්ට්, සම්පත් හා හැටන් නැෂනල් බැංකුව ද මෙතෙක් එය ක්‍රියාත්මක කර නැතැයි හෙළිව තිබේ.

එම චක්‍රල‌ේඛයට මහ බැංකුව විසින් අනුව බැංකු පොලී අනුපාතය 13.5 පවත්වාගෙන යන ලෙස දක්වා තිබේ.

කෙසේවුවද, ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව (15.04) හා මහජන බැංකුව ද (15.59) අවම පොලී අනුපාතය මෙතෙක් පවත්වාගෙන යාමට සමත්ව නොමැත.

එසේම ප්‍රධාන වානිජ බැංකු වන සෙලාන් බැංකුව (16.5), පෑන් ඒ්ෂියා (15.64), DFCC (15.46), NDB (15.10), න‌ේෂන්ස් ට්‍රස්ට්  (14.20), සම්පත් බැංකුව (14.83) හා හැටන් නැෂනල් බැංකුව (13.91)  තවමත් වැඩි පොලී අනුපාතයක් පවත්වාගෙන යනු ලබයි.

සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදියද එම චක්‍රලේඛයට අනුගතව විය යුතු යන්න රජයේ ස්ථාවරය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බැංකු පොලී අනුපාත මේ දක්වා අඩු නොකළ වාණිජ බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්තමානයේ බැංකු විසින් පවත්වාගෙන යන පොලී අනුපාත පහත දැක්වේ.





Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top