බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් : ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමත් නවතයි.

New Day
0


පසුගිය කාලයේදී බිත්තර නිෂ්පාදකයන්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා ඉදිරි මාස දෙ​කේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නතර කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මව් සතුන් ගෙන්වීමට අවස්ථාව ලබාදීම නිෂ්පාදකයින්ට මුදල් ලබාදීම, බඩඉරිඟු ගෙන්වීමට අවස්ථාව ලබාදීම ඇතුළු කාරණා හරහා මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා ගත් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු කියා සිටී.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දී තිබියදීත් අවශ්‍ය තරම් නිෂ්පාදනය ලබාදීමට නොහැකි වුවහොත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය ඉදිරියේදී කිරීමට සිදුවන බව ආමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top