“පැරඩයිස් “ බූසාන්හී සම්මානයට

New Day
0


දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK)සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට හිමිවිය.

ඒ  ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද Paradise චිත්‍රපටය වෙනුවෙනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් වන මෙම චිත්‍රපටය මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු වන දර්ශනා රාජේන්ද්‍රන්, රොෂාන් මැතිව් සමඟ මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා සහ ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් දායක වේ.

මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්තානය, තායිලන්තය.ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තේරී පත්වී ඇත.

බූසාන් සිනමා උලෙළේ නිර්මාතෘවරයකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්‌ගේ චිත්‍රපට සඳහා පමණක් සීමාවන්නකි.







Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top