වී අලෙවි මණ්ඩලයට හොරු පනී.

New Day
0


කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇති බව කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කරයි. 

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට අදාල සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස නියෝග කර ඇත.

අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කර ඇත.

ලංකාදීප


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top