නව තානාපතිවරුන් තිදෙනෙක් සිය අක්තපත්‍ර භාර දේ..

New Day
0


අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අලුතින් පත්වී පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සිය අක්තපත්‍ර භාරදී තිබේ.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්විය.

ඒ අනුව,

ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස ආචාර්ය සිරී වෝල්ට් පත් කර ඇත.

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස එම්. කාමන් මොරේනෝ පත් කර තිබේ.

ඉරාන ඉස්ලාමීය ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ඉරාන ඉස්ලාමීය ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පත් කර ඇත.

Ada Derana











Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top