ජාතික හැඳුනුම්පතේ ගාස්තුවත් වැඩිවේ.

New Day
0


ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 2,000ක් විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සදහන් වේ.

ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට නියමිතය.

එමෙන්ම රුපියල් 10,000ක්ව පැවැති ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top