දිනේෂ් චන්දිමාල්ගෙන් උපන් ගමට ලක්ෂ දෙසීයක පරිත්‍යාගයක් (ඡායා)

New Day
0


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක,ටෙස්ට්  ක්‍රිකට් ක්‍රීඩක සහ අම්බලගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍ය දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතා සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ "රන්ජිත් පණ්ඩිතගේ" ගෘහස්ථ ක්‍රීඩාංගණය ලෝක ලමා දිනය යෙදෙන අද දිනයේ  අම්බලගොඩ ප්‍රදේශයේ  දරුවන් වෙනුවෙන්  පරිත්‍යාග කරන ලදි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මියගේ මගපෙන්වීම යටතේ එම විද්‍යාලයට  අයත් බිමක රු ලක්ශ දෙසීයක වියදමින් ඉදිකල මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය සදහා සම්පූර්ණ වියදම දරණ ලද්දේ දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වීම විශේෂත්වයකි.

ධර්මාශෝක විද්‍යාලයේ බිමක ඉදිවුන ද මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණු වීම් සදහා අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සහ කුලරත්න විදුහලේ දරුවන්ටද අවස්ථාව හිමිවනු ඇත.

දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගනය "රංජිත් පණ්ඩිතගේ" ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙස නම් කිරීමද දිනේෂ් විසින් කල තවත් කෘතගුණ සැලකීමකි.එනම් කොලඹ ආනන්ද විදුහලේ ක්‍රීඩා  කරන සමයේ සිට ජාතික කණ්ඩායමේ ස්ථාවර වනතුරුම තම අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ ඩිමෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන රංජිත් පණ්ඩිතගේ මහතාට කල කෘතගුණ සැලකීමක් ලෙසයි.

යුධ හමුදාපති තුමන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ,ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ සැලැස්ම හා මග පෙන්වීම යටතේ දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතාගේ මුල්ම පුහුණුකරු වන අශෝක කුමාර මහතාගේ දැඩි කැමවීම මත මෙහි ඉදිකිරීම් සිදුවිය.

ධර්මාශෝක ව්ද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 13න් පහල,15න් පහල සහ 17 පහල කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කල දිනේෂ් 2004,2005 වසර වලිදී විද්‍යාලයීය මහා ක්‍රිකට් තරග සදහා ද ක්‍රීඩා කරන ලදි.

කවදා හෝ තම ගම් ප්‍රදේශයෙන්  ජාතික කණ්ඩායම නියෝජනය කරන කෙනෙක් බිහිවනු දැකීම තම එකම පැතුම බව දිනේෂ් මෙහිදී අවසන් වශයෙන් ප්‍රකාශ කලේය.














Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top