සිසුන් දෙදෙනාගේ ඔත්තුවෙන් ඇල්ලූ සුදු නෝනගේ සල්ලි මල්ල

New Day
0


වයස අවුරුදු 13ක් සහ 12ක් වයසැති පාසල් සිසුන් දෙදෙනකුගේ සැකය නිසා 22 හැවරිදි තුර්කි තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(26) විනාඩි 45ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සීගිරිය පොලිසියෙන් වාර්තා වේ.

තුර්කියේ සිට මෙරටට පැමිණි තරුණියක් ඊයේ (26) සීගිරි පව්වට නැඟ නැවතත් ලැඟුම්හලට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ඇයට පහර දී ඇයගේ මුදල් පසුම්බිය පැහැරගෙන ගොස් ඇත.

කොල්ලකරුවන්ගේ පහරකෑමට සහ ඔවුන් සමඟ පොර බැඳීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් අදාළ සංචාරක තරුණිය ප්‍රතිකාර සඳහා මේ වන විට සීගිරිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මුදල් පසුම්බිය රැගෙන කොල්ලකරුවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී අවුරුදු 12ක් වූ සීගිරිය කලාපුරයේ පදිංචි අදිශ සහෙන් ප්‍රේමරත්න සහ වයස අවුරුදු 13ක් වයස ප්‍රභාත් විතර්ශන වර්ණකුලසූරිය සිසුහු සෙල්ලම් කරමින් සිට ඇති අතර ඔවුන්ට යතුරුපැදිය පිළිබඳව සැක සිතී අදාළ යතුරු පැදියේ අංකය සටහන් කර ගෙන ඇත.

ඒ අනුව එම අදාළ තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිසිය විනාඩි 45ක් වැනි කෙටි කාලයකදී කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top