මාලිංගට පුහුණුකාර තනතුරක්

New Day
0


ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කර ඇත.

ෂේන් බොන්ඩ් එම තනතුරට සමුදීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙලෙස ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර ඇත.

ඒ අනුව මාලිංග විසින් මාර්ක් බවුචර්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නව  පන්දු යැවීමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත අතර කිරන් පොලාඩ්ද මේ වන විට එහි පුහුණුකාර තනතුරක් හොබවනු ලබයි.

මේ වන විට ලසිත් මාලිංග විසින් 2008 වසරේ සිට වසර 13ක්ට ආසන්න කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ක්‍රීඩකයෙක් ලෙස වසර 11 ක් සහ පුහුණු උපදේශයකු ලෙස කටයුතු කර ඇත.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top