ශ්‍රී ලාංකිකයන් ඇතුළත් අසභ්‍ය වීඩියෝ ප්‍රමාණයේ සීග්‍ර වර්ධනයක්

New Day
0


පවතින ඉහළ ආදායම් වර්ධනය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ අසභ්‍ය වෙබ් අඩවිවල ශ්‍රී ලාංකිකයන් ඇතුළත් වීඩියෝ ප්‍රමාණයේ ඉහළ යෑමක් වාර්තා වේ.

ඒ අනුව බොහෝ වීඩියෝවල ශ්‍රී ලංකාවේ ‘අසභ්‍ය තරු’ හෝ තෙවන පාර්ශවයක සහාය ඇතිව රූගත කළ අන්තර්ගතයන් ඇතුළත් වන අතර, සමහර වීඩියෝ පටිගත කර ඇත්තේ හවුල්කරු විසිනි.

මේ වන විට පළිගැනීමේ චේතනාවෙන් අසභ්‍ය දර්ශන අන්තර්ජාතික වෙබ් අඩවි වෙත නිකුත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. 

බොහෝ වින්දිතයන් ඉදිරිපත් වී ඔවුන්ගේ වීඩියෝ හෝ පින්තූර අසභ්‍ය වෙබ් අඩවිවල පළ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ප්‍රතික්ෂේප කරන්නේ එය ඔවුන්ගේ ප්‍රතිරූපයට තවදුරටත් කැළැලලක්වේ යැයි බියෙනි.

Daily Mirror වෙත අදහස් දක්වමින් නීතීඥ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ක්‍රියාකාරිනියක වන ජෙරුෂා ක්‍රොසෙට් තම්බයියා පවසා ඇත්තේ, එවැනි අන්තර්ගතයන් විකිණීම දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අසභ්‍ය පනත යටතේද අපරාධයක් වන අතර එවැනි වීඩියෝ හෝ ඡායාරූප පටිගත කළ හවුල්කරුවන්ට හෝ පුද්ගලයාට ද නඩු පැවරිය හැකි බව ඇය පවසයි.

ජෙරුෂා ක්‍රොසෙට් තම්බයියා පෙන්වාදෙන්නේ, වින්දිතයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කළ හැකි බව හෝ සෘජුවම වෙබ් අඩවියට පිවිස වීඩියෝ ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top