ඇමති නලින්ගේ කුකුළු ආදරේ

New Day
0

ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 850කට කුකුළු මස් ලබාදිය හැකි බවට පාරම් බෑ ඇමති නලින් ප්‍රනාන්දු මහතා හා නිලධාරීට දේශීය කුකුළු මස් කිලෝවක නිෂ්පාදන වියම ගණනය කිරීමේදී රුපියල් දහසකට වැඩි මිලක් ගණනය වී ඇතැයි එම අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය ඇතිව ඇත්තේ පසුගියදා අමාත්‍යවරයා, නිලධාරීන් හා දේශීය කුකුළු මස් ව්‍යාපාරිකයන් අතර පැවැති සාකච්ඡාවේදීය.

පසුව අමාත්‍යවරයා සුපුරුදු පරිදි නිලධාරීන්ට බැණවදිමින් අදාළ ගණනය කිරීමේ වරද ඔවුන්පිටම පටවා අතසෝදාගෙන ඇතැයි වාර්තා වේ.

එම රැස්වීමේදී අමාත්‍යවරයාගේ යෝජනාවට අනුව ඉන්දියාවෙන් කුකුළු මස් ආනායනයට සැරසෙන්නේ නම් අදාළ ආනයන බලපත්‍ර දේශීය කුකුළු මස් නිෂ්පාදකයින්ට ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කිරීම නිසා අමාත්‍යවරයා අදාළ යෝජනාව මේවන විට හකුලා ගැනීමට කටයුතු කර ඇති බවද පැවසේ.

කෙසේවුවද, මෙසේ ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කරන්නේ නම් අදාළ ගනුදෙනුව හමුදා කඳවුරුවලට කුකුළු මස් සපයනු ලබන රොහාන් ප්‍රන්දු මහතාගේ රොඩේෂා (Rodesha) සමාගම ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බව නලින් මහතාගේ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින වාර්තා වේ.

ඒ අදාල සමාගම කුකුළු මස් නිෂ්පාදනය කරනු ලබන සමාගම් හැරුණ කල වැඩිම ශීතාගාර පහසුකම් ඇති සමාගමක්වීම නිසාය.

මේ අතර, හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට පසුගිය 02 වැනිදා සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාව පල කර තිබිණි.

කුකුළු මස් නිෂ්පාදකයින් අදාළ එකගතාවයට නොපැමිණියේ නම් ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම නිසා රාජ්‍ය ආදායම තවත් පහල යාමේ අවදානම් තත්ත්වයක් පැවැති බවද වාර්තා වේ.

ඒ මේ වන විට කුකුළු මස් නිෂ්පාදකයින් වක්‍රාකාරයෙන් එක කුකුල් මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී රජයට බදු ලෙස රුපියල් 216 කට ආසන්න මුදලක් ගෙවීම නිසාය.

කෙසේවුවද, එවැනි විශාල බද්දක් කුකුළු මස් ආනයනය කිරීමේදී පැනවිය නොහැකිවීම ඊට හේතුවයි.

බිත්තර ඉන්දියාවෙන් ආනයනය කිරීම ආරම්භ කිරීමෙන් පසුව එතෙක් මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වැනිදි සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top